විදුහල්පති පණිවිඩය
අ/ශ්‍රී සෝභිත මහා විද්‍යාලය

අප පාසල උතුරු මැද පළාතේ කැබිතිගොල්ලෑව කලාපයේ පිහිටි අද්විතිය පාසලකි. මෙම පාසල තුළින් රටට දැයට වැඩදායි පුරවැසියන් රාශියක් දායාද කර ඇත. ඔවුන් රටේ විවිධ අංශයන්හී සිය මෙහෙවරයන් ඉටු කරමින් සිටී.
අප විද්‍යාලය අන්ර්ජාලයට විවර කිරීම තුළින් ලොව ඕනෑම රටක සිට අප සමඟ අදහස් හුවමාරුකර ගැනීමටත්ට තොරතුරු හා අදහස් බෙදා හදාගෙන අපගේ ඉදිරි දියුණුවට අවශ්‍ය උපකාර ලබා ගැනීමටත් මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළුම බාහිර පාර්ශවයන්ට අප පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්තක කර ගැනීම සඳහා උරදුන් විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විෂය භාර .ගුරුතුමාට හා දායකත්වය ලබාදුන් සිසු දරුවන්ට හා නන් අයුරින් උපකාර කළ සියලූම දෙනාට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමී.
විදුහල්පති,
අ/ශ්‍රී සෝභිත මහා විද්‍යාලය